Home Hit සංචාරක අමාත්‍යවරයාගේ කාර්යයාලය ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් ඉවත් කරගැනීමේ තීරණයක්

සංචාරක අමාත්‍යවරයාගේ කාර්යයාලය ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් ඉවත් කරගැනීමේ තීරණයක්

301

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංචාරක අමාත්‍ය කාර්යාලයෙන් ඉවත් වීමට සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා තීරණය කර තිබෙනවා.

අමාත්‍යවරයා පැවසුවේ ලබන වසරේ මුල් කාර්තුවේ සිට සංචාරක අමාත්‍යාංශයේ අලූතින් පිහිට වූ ඇසෙට් ආකේඞ් ගොඩනැගිල්ලටම සිය කාර්යාලය ද ගෙන යාමට තීරණය කල බවයි.

සංචාරක අමාත්‍ය කාර්යාලය මේ වනවිට පිහිටා ඇත්තේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ 25 වන මහලේයි. ඒ සදනහා විශාල මුදලක් වැයවීම හා ජනතාවගේ පහසුව සලකා මෙම තීරණයට එළඹි බවයි අමාත්‍යවරයා පැවසුවේ. මෙතෙක් රක්ෂණ මන්දිරයේ පිහිටි සංචාරක අමාත්‍යාංශය පසුගිය බදාදා සිට කොළඹ 01, යෝර්ක් වීදිය පිහිටි ඇසෙට් ගොඩනැගිල්ලේ දෙවන මහලට ගෙන ගියා.

අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ අමාත්‍යාංශය එක් ස්ථානයකත් අමාත්‍ය කාර්යාලය තවත් ස්ථානයකත් පැවතීම නිසා ජනතාවට විවිධ දුෂ්කරතාවයන්ට පත්වීමට සිදුවන බවයි. එය සැලකිල්ලට ගනිමින් සංචාරක අමාත්‍යාංශය පිහිටි ස්ථානයේම සිය කාර්යාලය පිහිටුවීමට තීරණය කල බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here