Home Hit ඉන්දියාවේ මිලියන 300ක ජනතාවට එන්නත ලබාදීමට සූදානම්

ඉන්දියාවේ මිලියන 300ක ජනතාවට එන්නත ලබාදීමට සූදානම්

395

ඉන්දියාවේ අවම වශයෙන් එක් එන්නත් අපේක්ෂකයෙකුගේ එන්නතක් සඳහා හදිසි භාවිත අවසරයක් නියාමකමන් විසින් ලබාදෙනු ඇතැයි අපේක්ෂාවෙන් රටේ කොවිඩ්-19 එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා ඉන්දියාව කාර්ය සාධක බලකා කිහිපයක් සූදානම් කරමින් සිටින බව ‘Business Insider’ වාර්තා කරයි.

බිලියන 1.3 කට වඩා වැඩි ජනගහනයක් සිටින විශාල ජාතියක් තුළ ජනවාරි මස මුලදී මහා එන්නත් කිරීම ආරම්භ කිරීමට සමහර රාජ්‍යයන් බලාපොරොත්තු වන අතර, ඒ අනුව මිලියන 300ක ජනතාවක් හෙවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ජනගහනය හා සමාන ජනතාවක් එන්නත් කිරීමට ඉන්දියාව සූදානම් වෙයි.

ඇස්ට්‍රාසෙනෙකා / ඔක්ස්ෆර්ඩ් එන්නත ඇතුළු ඉන්දියානු නියාමකයින්ගේ අවසරය සඳහා එන්නත් තුනක් දැනට ඇගයීමට ලක් කෙරෙමින් පවතී.

සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී රාජේෂ් භූෂාන් පැවසුවේ, “අපි එන්නත් කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණයට සහ ආධාර සපයන බහු මට්ටමේ පාලන යාන්ත්‍රණයක් ස්ථාපිත කර තිබෙනවා.” යනුවෙනි.

එන්නත් ප්‍රවාහනය හා ගබඩා කිරීම සඳහා ඉන්දියාව භාවිත කරන ක්‍රමවේද අතර,

සීතල දාම මධ්‍යස්ථාන 29,000ක්,
එහාමෙහා ගෙනයා හැකි සිසිලන පද්ධති 240ක්,
එහාමෙහා ගෙනයා හැකි ශීතකරණය 70ක්,
අයිස් සහිත ශීතකරණ 45,000ක්,
අධි ශීතකරණ 41,000ක්,
සූර්ය බලයෙන් ක්‍රියාත්මක ශීතකරණ 300ක් ගැන සඳහන් වෙයි.

එන්නත් කිරීමේ වැඩසටහනට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කිරීම ප්‍රාන්ත රජයන් විසින් ආරම්භ කර ඇති අතර එය ජනවාරි මාසයේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කෙරෙයි.

“ජනවාරි මැද භාගයේදී, එන්නත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර දින කිහිපයක් ඇතුළත ප්‍රතිලාභීන් මිලියන 8ක් පමණ පළමු මාත්‍රාවෙන් ආවරණය කිරීමට අපි සූදානම්” යැයි මහජන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජී. ශ්‍රීනිවාස රාඕ මේ සතිය මුලදී පැවසීය.

දකුණු කේරළ ප්‍රාන්තය සති අන්තයේ නිවේදනය කළේ ප්‍රාන්තයේ සියලු ජනතාවටම කොවිඩ්-19 එන්නත නොමිලේ ලබාදෙන බවත් එන්නත ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අවසන් අදියරේ පවතින බවත්ය.

ඉන්දීය රජය පැවසුවේ මුලින් මෙම එන්නත සෞඛ්‍ය සේවා සහ පෙරටුගාමී සේවකයන්ට ලබාදෙන බවත් ඉන් පසුව වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින් සඳහා මාත්‍රාව ලබාගත හැකි බවත්ය.

වසංගතය ආරම්භයේ සිටම ඉන්දියාවේ කොරෝනා වෛරසය ආසාදිතයන් මිලියන 10කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඒ මරණ 144,000කට වැඩි ප්‍රමාණයක්ද ඇතුළුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here