Home Hit ඉන්දීය, මියන්මාර, තායිලන්ත ත්‍රෛපාර්ශ්වික අධිවේගී මාර්ගයට සම්බන්ධ වීමට බංග්ලාදේශය කැමැත්ත පළ කරයි

ඉන්දීය, මියන්මාර, තායිලන්ත ත්‍රෛපාර්ශ්වික අධිවේගී මාර්ගයට සම්බන්ධ වීමට බංග්ලාදේශය කැමැත්ත පළ කරයි

441

අග්නිදිග ආසියාව සමඟ පවතින සබඳතා වර්ධනය කිරීම සඳහා ඉන්දියා-මියන්මාර-තායිලන්ත ත්‍රෛපාර්ශ්වික අධිවේගී මාර්ගයට සම්බන්ධ වීමට බංග්ලාදේශය උනන්දු වන අතර එය ඉන්දු-පැසිෆික් කලාපයේ දේශසීමා කොරිඩෝවන් සම්බන්ධයෙන් නව පරිච්ඡේදයක් විවෘත කරනු ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සමඟ පැවති සාකච්ඡාවකදී බංහලාදේශ අගමැති ෂෙයික් හසීනා විසින් IMT හා සම්බන්ධ වීමට කැමැත්ත පළ කරන ලදි. සමුළුව අවසානයේ නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයෙදී බංග්ලාදේශයට මෙම වැඩසටහන හා සම්බන්ධ වීමට ඇය ඉන්දියාවේ සහාය පතන ලදි.

මේ හරහා අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ දොරටු විවෘත කර ගැනීම මෙන්ම වාණිජ සහ පෙළඳ කටයුතු වල වර්ධනයක් අත් කර ගැනීම අපේක්ෂා කෙරේ. ඉදියාව විසින් මෙම අධිවේගී මාර්ගය කාම්බෝජියාව, ලාඕසය සහ වියට්නාමය තෙක් දීර්ඝ කිරීමට යෝජන අකර ඇත.

බංග්ලාදේශයට තම භාණ්ඩ සහිත ට්‍රක් රථ ඉන්දියාව හරහා භූතානයට හා නේපාලයට ඇතුළු වීමට අවශ්‍ය වන අතර උප කලාපීය සහයෝගීතාවයේ කොටසක් ලෙස බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව සහ නේපාලය අතර මාර්ග සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන්ද සමුළුවේදී අගමැති හසීනා විසින් අගමැති මෝඩිගේ සහාය ඉල්ලා සිටින ලදි.

දේශසීමා බලශක්ති ව්‍යාපාර සහයෝගීතාවයට අමතරව, බංග්ලාදේශය සහ ඉන්දියාව, කලාපය තුළ ප්‍රවාහන විසඳුම් පුළුල් කිරීම පිළිබඳවද සාකච්ඡා කරන ලදි.

රටවල් අතර වඩා හොඳ සම්බන්ධතාවයක් ඇති කිරීම සහ දෙරට අතර මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය සරල කිරීම සඳහා, මෝටර් වාහන ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නායකයින් දෙදෙනාම එකඟ විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here