Home Hit ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය අර්බුදයක – බැසිල්: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ඕනේ...

ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය අර්බුදයක – බැසිල්: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ඕනේ නෑ – කබ්රාල්

820

වර්තමාන ආර්ථික තත්ත්වය මත පදනම්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගැනීමට රටට අවශ්‍ය නොවන බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර තිබේ.

දෙසැම්බර් 16 වන දින පැවති 4 වන වාර්ෂික ආසියා සුරැකුම්පත් ශ්‍රී ලංකා ආයෝජන සමුළුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ලබන වසරේදී වරාය නගරයට ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක් දක්වා ආයෝජන ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත්, මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලේ පැවති රැස්වීමක් අමතමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ COVID-19 වසංගතය හේතුවෙන් රට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බවයි.

වසංගතය හේතුවෙන් සියලුම විදේශ ආදායම් මාර්ගවලට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බවත් විශේෂයෙන් සංචාරක කර්මාන්තය පිළිබඳව අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ ආර්ථිකය පසුගාමී වී ඇති බවයි.

බොහෝ කණ්ඩායම් වත්මන් රජය අසාර්ථක රජයක් බවත් ණය ගෙවීමට නොහැකි වනු ඇති බවටත් සඳහන් කළත් රටක් වශයෙන් අපට කිසි විටෙක ණය වාරිකයක් ගෙවීමට නොහැකි වී නොමැති බව පැවසීම සතුටට කරුණක් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here