Home Hit කෝටි 38ක කෑමට නොසුදුසු ටින් මාළු යළිත් චීනයට යවයි

කෝටි 38ක කෑමට නොසුදුසු ටින් මාළු යළිත් චීනයට යවයි

251

මිනිස් පරිභෝජනයට නුසුදුසු, ටින් මාලූ අඩංගු බහාලූම් 48 ක් යළි චීනය වෙත ප‍්‍රති අපනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම ටින් මාළු තොගයේ වටිනාකම රුපියල් තුන් කෝටි අසූ හතර ලක්ෂයක් බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න පැවසුවේ.

මෙම ටින් මාළු SLS ප‍්‍රමිතියට අනුකූල නොවන බවත් අදාල ටින් මාලූ වල පැවතිය යුතු ප‍්‍රතිශතය ඉක්මවා ආසනික් අඩංගු බවටත් අනාවරණ වී තිබේ. ඒ, එම බහාලූම් තොගය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය සිදු කළ විමර්ශන වලින් පසුවයි.

ඉකුත් ජූලි සහ ඔක්තෝබර් යන මාස අතර කාලයේ මෙම ටින් මාලූ තොගය මෙරටට ගෙන්වා තිබුණා. එහි මෙටි‍්‍රක් ටොන් 768ක් බර ටින් මාලූ අඩංගුව තිබූ බවයි වාර්තා වුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here