Home Hit නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී පළාත් සභා ඉවත් කළ යුතුයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී පළාත් සභා ඉවත් කළ යුතුයි

233

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී ඉන් පළාත් සභා ක්‍රමය ඉවත් කළයුතු බව පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් පෙන්වා දෙයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඕමාරේ කස්සප හිමියන් මේ බව ප්‍රකාශ කරන ලදි.

උන්වහන්සේ පවසන්නේ ජනතාව සෘජුව මධ්‍යම පාලනයට සම්බන්ධ කරගත හැකි වන්නේ පෙර පැවැති ගම්සභා ක්‍රමය මගින් පමණක් බවයි.

“අලුතෙන් හදන ව්‍යවස්ථාවේදී අනිවාර්යයෙන්ම මේ පළාත් සභා ඉවත් කරන්න ඕනේ. මේවා සේරම සංස්කරණය කරලා ගම්සභා වගේ ක්‍රමයකට යන්න. අවුරුදු සියදහස් ගණනක් මේ රටේ පැවතගෙන ආපු ක්‍රම පැත්තකටම විසිකරලා දාලා, අලුතෙන් පටන් අරගෙන දැන් පඹගාලක පැටලිලා වගේ වෙලා තියෙනවා. පළාත් සභා මැතිවරණ තියෙනවා කියන්නේ මේ පඹගාල තවත් පැටලෙන එකයි,” යනුවෙන් ද පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් පෙන්වා දුනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here