Home Hit දේශීය නිශ්පාදන දිරිගන්වන්න ඉන්දීය හමුදාව කෝටි 27,000ක උපකරණ රට තුළින්ම ...

දේශීය නිශ්පාදන දිරිගන්වන්න ඉන්දීය හමුදාව කෝටි 27,000ක උපකරණ රට තුළින්ම මිලදී ගනී..!

372

ඉන්දීය ත්‍රිවිධ හමුදාව සදහා අවැසි ඉන්දීය රුපියල් කෝටි 27,000 ක් වටිනා විවිධ වර්ගයේ ආයුධ, ආම්පන්න, උපකරණ සහ ආරක්ෂක පද්ධති සිය රට තුලදීම දේශීය නිශ්පාදකයින් හරහා සපුරා ගැනීමට ඉන්දියාව තීරණය කර තිබේ.

පසුගියදා ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එරට ආරක්ෂක ප්‍රසම්පාදන කවුන්සිලය විසින් මෙම තීරණයට එළඹී තිබේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ඉන්දියාවේ නිපදවමු (Make in India) සංකල්පයට අනුව ඉන්දියාව නවීන යුධ උපකරණ සහ ආරක්ෂක උපාංග නිශ්පාදනයේ ප්‍රමුඛයෙකු බවට පත්ව සිටියි. දේශීය නිශ්පාදන දිරිගැන්වීම සදහා වූ වැඩපිළිවෙලට විශේෂ දායකත්වයක් සපයමින් ඉන්දීය ආරක්ෂක ප්‍රසම්පාදන කවුන්සිලය විසින් ගනු ලැබූ මෙම තීරණය හේතුවෙන් දේශීය නිශ්පාදන සදහා වන නැඹුරුව තවත් ඉහල යනු ඇත.

මෙසේ අනුමත කරන ලද මිලදී ගැනීමේ යෝජනා අතරට ඉන්දියානු ගුවන් හමුදාව සඳහා Defence Research & Development Organisation (DRDO) විසින් සැලසුම් කරන ලද සහ සංවර්ධනය කරන ලද ගුවන් අනතුරු ඇඟවීම් සහ පාලන පද්ධති, ඉන්දියානු නාවික හමුදාව සඳහා නවීනතම අක්වෙරළ මුර සංචාර යාත්‍රා සහ ඉන්දීය හමුදාව සඳහා මොඩියුලර් පාලම් ඇතුළත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here