Home Hit තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි

තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි

455

තවත් කොරෝනා වෛරස් මරණ 5ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 165ක් දක්වා ඉහළ යනවා.

එලෙස මියගිය අය අතර මග්ගොන ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි කාන්තාවක ද සිටින අතර, ඇය මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනය වීමෙන් ඇති වූ අධි රුධිර පීඩන හේතුවෙන්.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් හෝමාගම මුලික රෝහලේදී මියගොස් තිබෙනවා.

එමෙන්ම අගලවත්ත ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු ද කොවිඩ් 19 ආසාදනය වීමෙන් ඇති වූ හෘදයාබාධයකින්  මියගොස් ඇත්තේ අගලවත්ත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර මහරගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් මියගොස් තිබෙනවා.

එමෙන්ම වතුපිටිවල  ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පුද්ගලයෙකු ද කොවිඩ් 19 ආසාදනය වීමෙන් ඇති වූ උග්‍ර වූ වකුගඩු රෝගයක් හේතුවෙන් නිවසේදී මියගොස් මිය ගොස් තිබෙනවා.

එම නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here