Home Coronavirus 2020 අමාත්‍යංශවල රැකියා දෙනබව කියා එන SMS බොරු , රැවටෙන්න එපා – රජය...

අමාත්‍යංශවල රැකියා දෙනබව කියා එන SMS බොරු , රැවටෙන්න එපා – රජය දැනුම්දෙයි

275

සමාජ සවිබල ගැන්වීම් හා සුභ සාධන අමාත්‍යාංශය මෙන්ම ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සුභ සාධන අමාත්‍යාංශය මගින් රැකියා ලබාදෙන බවට සදහන් කරමින් කෙටි පණිවිඩ ඔස්සේ හුවමාරු වන ව්‍යාජ තොරතුරුවලට රැවටීමෙන් වළකින්නැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මුල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පැවසුවේ අමාත්‍යාංශයේ පෙර පැවති නාමයන් භාවිත කරමින් මෙලෙස ව්‍යාජ තොරතුරු සමාජගත කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි.

අමාත්‍යාංශයෙන් එවැනි රැකියා ලබා දීමක් සිදුනොවන අතර රජය අපකීර්තියට පත් කිරීමේ අරමුණින් සංසරණය වන මෙවන් අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන්නැයි ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here