Home Hit සාක්ෂිකාරියක් ලෙස සිතා කොමිසමට එන්න – අධිනීතිඥ නිෂාරා ජයරත්නට පාස්කු කොමිසමෙන් දැඩි...

සාක්ෂිකාරියක් ලෙස සිතා කොමිසමට එන්න – අධිනීතිඥ නිෂාරා ජයරත්නට පාස්කු කොමිසමෙන් දැඩි අවවාද

2273

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අපහාස කළ සාක්ෂිකාරියක් ලෙස රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න නම් කරන්නැයි පාස්කු දින ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව ඉල්ලා තිබෙනවා.

ඊයේ එම කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දීමට කැඳවා තිබූ අවස්ථාවේ ඇයගේ ක්‍රියා කලාපය හේතුවෙන් මෙම ඉල්ලීම කර තිබෙනවා.

යොමුකරන ප්‍රශ්නවලට පිළිතුරු නොදෙමින් දිගින් දිගටම නිෂාරා ජයරත්න මෙනවිය ජනාධිපති නීතිඥවරයා යොමුකරන ප්‍රශ්න වලට ප්‍රතිප්‍රශ්න යොමුකර තිබුනා.

ඒ හේතුවෙන් අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවියට සාක්ෂිකාරියක් ලෙස සිතා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට අවසාන වශයෙන් දැඩි ලෙස අවවාද කරනු ලැබුවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරන නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවියගෙන් වැඩිදුර සාක්ෂි විභාගය 21වැනි සඳුදා යළි කනදවිමට තීරණය කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here