Home Hit ඉන්දීය හමුදා පාකිස්තාන ආක්‍රමණිකයන් දෙදෙනෙකුට වෙඩි තබයි

ඉන්දීය හමුදා පාකිස්තාන ආක්‍රමණිකයන් දෙදෙනෙකුට වෙඩි තබයි

257

ඉන්දීය දේශසීමා ආරක්ෂක බලකාය දේශසීමා ආසන්නයේදී ඊයේ දින වෙඩි තබා ඝාතනය කරන ලද පාකිස්තාන ආක්‍රමණිකයන් දෙදෙනෙකු සන්තකයේ තිබී විශාල ආයුධ සහ පතොරම් තොගයක් සොයා ගෙන තිබේ.

ඉන්දීය බලධාරීන් පවසන පරිදි ඒකේ 56 රයිෆලයක්, සජීවී උණ්ඩ 61 ක් සහිත මැගසින් දෙකක්, එක් මැග්නම් රයිෆලයක්, උණ්ඩ 29 ක් සහිත මැගසින් 1ක්, එක් පිස්තෝලයක්, මැගසින් දෙකක්, පීවීසී පයිප්ප දෙකක් සහ පකිස්ථාන රුපියල් 30 ක් ඔවුන් සන්තකයේ තිබී සොයා ගෙන තිබේ.

පසුගිය සතියේ ජම්මු හා කාශ්මීරයේ රන්බීර් සිං පුර ප්‍රදේශයේ ජාත්‍යන්තර දේශ සීමාවේදී ඩ්‍රෝන යානා ගමන් කරනු නිරීක්ෂණය විය. භට පිරිස් වෙඩි තැබීමෙන් පසුව ඩ්‍රෝන් යානය ආපසු ගිය බව ඉන්දීය දේශසීමා ආරක්ෂක බලකාය පවසා තිබේ.

දේශසීමා ප්‍රදේශවල පවතින මෙම තත්ත්වය මධ්‍යයේ, දේශ සීමාවේ සිටින ජවාන්වරුන් දැඩි සෝදිසියෙන් සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here