Home Hit ආගම දේශපාලන මෙවලමක් ලෙස භාවිතා නොකරන්න – බංග්ලාදේශ අගමැතිනිය

ආගම දේශපාලන මෙවලමක් ලෙස භාවිතා නොකරන්න – බංග්ලාදේශ අගමැතිනිය

669

ආගම දේශපාලන මෙවලමක් ලෙස භාවිතා නොකරන ලෙස බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටින බව ‘dailyhunt‘ වාර්තා කරනවා.

“බංග්ලාදේශ ජනතාව ආගමිකයන් මිස අන්තවාදීන් නොවේ. ආගම දේශපාලන මෙවලමක් ලෙස භාවිතා නොකරන්න. සෑම කෙනෙකුටම තමන්ගේ ආගම ඇදහීමට අයිතියක් ඇත. බංග්ලාදේශය වාර්ගික සමගිය ඇති රටකි” යැයි ඇය පවසයි

බංග්ලාදේශය සෑම කෙනෙකුටම අයිති බව ඇය තරයේ කියා සිටි අතර රට ආගමික සාරධර්ම රකිමින් ප්‍රගතියේ හා සංවර්ධනයේ මාවත කරා ගමන් කරනු ඇති බවට නැවත අවධාරණය කර සිටින ලදි.

“මෙය ලාලොන්, රබීන්ද්‍රනාත් තාගෝර්, කාසි නස්රුල් ඉස්ලාම් සහ ජිබානන්ද දාස්ගේ බංග්ලාදේශයයි. මෙය ෂජ්ජලාල්, ෂා පරාන්, ෂා මක්දුම් සහ ඛන්ජාහාන් අලිගේ බංග්ලාදේශයයි. මෙය ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ බංග්ලාදේශයයි. කෝටි 16 ක බංග්ලාදේශයයි. මේ රට හැමෝටම අයිතියි ”ඇය පවසන ලදි.

පරාජිත පිරිස් විසින් ව්‍යාජ ප්‍රකාශ හරහා භක්තිමත් මුස්ලිම්වරුන් තුල නොසන්සුන්තාවයක් ඇති කර රට වසර 50ක් පසුපසට ගෙනයාමට උත්සාහ කරන බව අග්‍රාමාත්‍යවරිය පවසයි.

1971 දී පාකිස්තානයෙන් බංග්ලාදේශය මුදා ගැනීමේ ඉන්දීය ජයග්‍රහණය සනිටුහන් කරමින් සෑම වසරකම දෙසැම්බර් 16 වන දින ‘විජය දීවාස්’ දිනය සමරනු ලැබේ. මිලිටරි ඉතිහාසයේ වේගවත්ම හා කෙටිම මෙහෙයුම් වලින් එකක් වන මෙය හරහා නව ජාතියක් බිහි වූයේ ඉන්දීය හමුදාව විසින් දියත් කරන ලද වේගවත් මෙහෙයුමේ ප්‍රතිඵලයක් වශයෙනි. 1971 යුද්ධයෙන් පරාජයට පත්වීමෙන් පසු එවකට පාකිස්තාන යුද හමුදාපති ජෙනරාල් අමීර් අබ්දුල්ලා ඛාන් නියාසි සහ ඔහුගේ 93,000 භට පිරිස් මිත්‍ර හමුදාවන්ට යටත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here