Home Hit නීති කඩන රථ වාහන සෙවීමට අද රාත්‍රියේ සිට විශේෂ පොලිස් මෙහෙයුමක්

නීති කඩන රථ වාහන සෙවීමට අද රාත්‍රියේ සිට විශේෂ පොලිස් මෙහෙයුමක්

290

අධික වේගයෙන් රිය ධාවනය කරන, බීමත්ව රිය පදවන පුද්ගලයින්, මාර්ග සංඥා නොතකමින් රිය ධාවනය කරන අය හා විවිධ අංගෝපාංග සහිතව ධාවනය කරන වාහන අත්අඩංගුවට ගැනීම අද (18) රාත්‍රියේ සිට විශේෂ මෙහෙයුමක් අරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොවිඩ් නිසා අඩුවූ රිය අනතුරුවල නැවතත් වර්ධනයක් පෙනෙන්නට ඇති බවත් කොවිඩ් වලට රිය අනතුරුවලින් දිනකට පුද්ගලයන් 10ක් පමණ මිය ගිය බවත් මේ වන විට එම තත්ත්වයට පැමිණ ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

බීමත්ව රිය ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය උපකරණ පොලීවලට ලබාදීමට කටයුතු කර ඇති බවද ඔහු පවසයි.

සෑම වසරකම අප්‍රේල් 10දා සිට 20දා දක්වාත්, දෙසැම්බර් 20 දා සිට ජනවාරි 05 දා දක්වාත් ශ්‍රී ලංකාවේ වැඩිම මාර්ග අනතුරු ප්‍රමාණයක් සිදුවන දිනවකවානු වන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here