Home Hit MCC ආධාර අත්හිටවුවත් අඛණ්ඩව ලංකාවට ඇමරිකානු සහය

MCC ආධාර අත්හිටවුවත් අඛණ්ඩව ලංකාවට ඇමරිකානු සහය

255

MCC ආයතනය විසින් පිරි නැමීමට නියමිත වූ ඩොලර් බිලියන 89 ක මුදල අත්හිටුවනු ලැබුවද ආර්ථිකය ගොඩනංවා ගැනීමේදී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය සපයන බවට අමෙරිකා එක්සත් ජනපදය සහතික වනවා.

ශ්‍රී ලංකාවේ මිතුරෙකු සහ හවුල්කරුවෙකු ලෙස කටයුතු කරමින් කොවිඩ් වසංගතයෙන් මිදීමටද සහය වන බවයි නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කලේ.

ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජනා වී තිබූ ඩොලර් බිලියන 89 ක සංවර්ධන ආධාර ප්‍රදානය නතර කිරීමටයි මිලේනියම් චැලෙන්– කෝර්පරේෂන් හෙවත් MCC ආයතනය පෙරේදා පැවැත්වූ සිය අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණේ.

ශ්‍රී ලංකාව සඳහා අනුමතව තිබූ එම රුපියල් බිලියන 89 ක මුදල, සිය සංවර්ධන ප්‍රමුඛතා හඹා යාමට, දුගී බව අඩුකරගැනීමට සහ ආර්ථික වර්ධනය කරගැනීමට මුදල් ප්‍රදාන අවශ්‍ය කර තිබෙන සුදුසුකම් සහිත වෙනත් රටවල්වලට ලබාගත හැකි බවයි කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කලේ.

එම් සී සී ප්‍රදානයක් පිරිනැමීමේදී අදාළ රට පිළිබිඹු කරන හිමිකාරීත්වය, විනිවිදභාවය සහ ප්‍රදානයේ ප්‍රථිඵල සඳහා වගවීම යන කරුණු වැදගත් වන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ලොව පුරා රටවල් 30 ක් පමණ ගිවිසුම් 38 ක් යටතේ ඩොලර් බිලියන 13.5 කට ආසන්න මුදල් ප්‍රදාන ඔස්සේ මේ වනවිට දුගී භාවය පිටුදැකීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක බවයි අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here