Home Hit අනියම් බිරිඳ ඝාතනයට උත්සාහ කළ සැකකරුට ඇප නෑ

අනියම් බිරිඳ ඝාතනයට උත්සාහ කළ සැකකරුට ඇප නෑ

363

සිය අනියම් බිරිඳ වන ගුරුවරියක කැබ් රථයක හප්පා බරපතල තුවාල සිදුකර ඝාතනය කිරීමට තැත් කළ සිද්ධියකට අත්අඩංගුවට ගත් රියදුරෙකු මුදා හැරීම කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් ඊයේ (17) ප්‍රතික්ෂේප කර සිටියා.

ඒ අනුව, සැකකරු ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියම කරනු ලැබුවේ.

අදාළ සැකකරුගේ නීතිඥවරුන් විසින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ ඕනෑම ඇප කොන්දේසියක් මත සිය සේවාදායකයාට ඇප ලබා දෙන ලෙසටයි.

සිය අනියම් බිරිද වන ගුරුවරිය යතුරු පැදියක ගමන් ගන්නා අවස්ථාවේදී එය පසුපස ලුහුබැඳවිත් ඇය කැබ් රථයේ හප්පා ඇති බව ද පොලීසිය අධිකරණයට සඳහන් කර තිබුණා.

අනතුරෙන් තුවාල ලබා දැනට වව්නියාව මහරෝහලේ ප්‍රතිකාර ලබන මෙම ගුරුවරියගේ අක්මාවට රුධිරය කාන්දුවන බවත් ඇයගේ තත්ත්වය බරපතල බවත් අධිකරණයේදී කරුණු හෙලිව තිබෙනවා.

ඒ අනුව, සැකකරුට ඇප ලබා දීම සම්බන්ධයෙන් පොලීසිය විරෝධය පළ කර තිබුණා.

මෙම ගුරුවරිය සැකකරු සමග තිබූ සබඳතාව නතර කිරීම නිසා ඔහු මෙම අනතුර සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණ වී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here