Home Hit ජනතාවට අද බියෙන් හා සැකෙන් තොරව ජීවත් විය හැකියි – අමාත්‍ය සරත්...

ජනතාවට අද බියෙන් හා සැකෙන් තොරව ජීවත් විය හැකියි – අමාත්‍ය සරත් වීරසේකර

404

ජනතාවට බියෙන් හා සැකෙන් තොරව ජීවත්විය හැකි වන ආකාරයෙන් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට වත්මන් රජයට හැකියාව ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අවධාරණය කරනවා.

මහනුවරදී ඊයේ(16) මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

යහපාලන රජය සමයේ බිද වැටී බුද්ධි අංශය මේවනවිට යළි ශක්තිමත් කර ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.

එම නිසා ත්‍රස්තවාදය හෝ අන්තවාදය හිස ඔසවන්නේනම් ඒ බව දැනගන්නට හැකි බැවින් ජනතාවට බියෙන් හා සැකෙන් තොරව ජීවත්විය හැකි බව අමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here