Home Hit වසර 55කට පසු ඇරඹෙන ඉන්දු – බංග්ලා දුම්රිය සේවය (VIDEO)

වසර 55කට පසු ඇරඹෙන ඉන්දු – බංග්ලා දුම්රිය සේවය (VIDEO)

685

1965 වර්ශයේදී අකර්මන්‍ය වූ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර දුම්රිය ගමනාගමන කටයුතු අද(17) සිට යළි ඇරඹීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. කලාපීය බලවතා වශයෙන් ඉන්දියාව සිය අසල්වැසි රාජ්‍යයන් සමඟ ආර්ථික සහ සංස්කෘතිකමය සබැඳියාවන් තරකරගැනීම සදහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙලේ විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් මෙම දුම්රිය ව්‍යාපෘතිය සැළකේ.

පසුගිය මාර්තු මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ බංග්ලාදේශ අගමැතිණී ශෙයික් හසීනා මහත්මිය අතර සිදුකල සාකච්ජාවකින් අනතුරුව බටහිර බෙංගාලයේ හල්දබාරි නගරයේ සිට බංග්ලාදේශයේ චිලාහාටි නගරය (Haldibari-Chilahati) දක්වා කිලෝමීටර 75ක දිගින් යුතු මෙම දුම්රිය මාර්ගය යළි විවෘත කෙරේ.

මෙම ව්‍යාපෘතිය හරහා ඉන්දු – බංග්ලා දෙරට අතර ආර්ථික ගණුදෙනු වඩාත් පහසු කරගැනීමටත් ප්‍රවාහන පිරිවැය අවම කරගැනීමටත් හැකිවනු ඇති අතර එය දෙරටේම ව්‍යාපාර සඳහා ධනාත්මකව බලපානු ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු ආසියාවේ අසල්වැසි රාජ්‍යන් සමඟ වැඩි පොළී ණය හා ආක්‍රමණකාරී විදේශ ප්‍රතිපතීන්ගෙන් තොරව සියලු පාර්ශවයන්ට සමාන ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් සම්බන්ධතා වැඩි කරගැනීම නව දිල්ලි පරිපාලනයේ අරමුණ වී තිබේ.

මිලියන 1,366 ක ජනගහණයක් වාසය කරන ඉන්දියාව ලෝකයේ වේගයෙන්ම දියුණු වෙමින් පවතින වෙළඳපොලක් වන අතර අසල්වැසි රාජ්‍යයන් වලට එම වෙළඳපොළ වෙත ප්‍රවේශ වී ප්‍රතිලාභ ලැබීමට අවකාශය සකස් කිරීම සදහා ඉන්දියාව සූදානමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here