Home Hit බන්ධනාගාරවල වීඩියෝ සන්නිවේදන තාක්ෂණය අගුනකොලපැලැස්සෙන් අරඹයි

බන්ධනාගාරවල වීඩියෝ සන්නිවේදන තාක්ෂණය අගුනකොලපැලැස්සෙන් අරඹයි

256

ශ්‍රී ලංකා බන්ධනාගාර සම්ප්‍රදාය නව මාවතකට යොමු කරමින් නව තාක්ෂණය උපරිමයෙන්ම යොදාගෙන හදුන්වාදුන් යෙදවුම් හා වීඩියෝ තාක්ෂණ සන්නිවේදන ක්‍රමවේදය බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් අද අගුනකොලපැලැස්ස බන්ධනාගාරයේදී ආරම්භ කෙරිණි.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් බන්ධනාගාර රැදවියන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනීම සදහා සහ බන්ධනාගාවල ආරක්ෂාව සහතික කිරීම සදහාත්, පවුල්වල අයට හා අමුත්තන්ට ඔවුන්ගේ පහසුව සදහා වේලාවක් වෙන් කරවා ගනිමින් බන්ධනාගාර ගත රැදවියන් හමුවීමට පැමිණෙන අයට පහසුකම් සැලසීම සදහා වෙබ් යෙදුමක් හදුන්වා දී ඇත. බන්ධනාගාර වෙත පැමිණෙන අමුත්තන්ගේ තදබදය අඩු කිරීම සහ ඔවුන්ට පහසු වේලාවක් වෙන් කරවා ගැනීමට ඉඩ දීමෙන් ඔවුන්ගේ කාලය ඉතිරි කර ගැනීම සහ බන්ධනාගාර පරිශ්‍රයේ රැදී සිටීමේ ආහසුතාවය අවම කිරීම අපේක්ෂා කරයි.

අමුත්තන්ට වෙබ් යෙදුමට ලොග් වී තමන් සහ රැදවියා පිළිබද තොරතුරු, සංචාරයේ දිනය හා වේලාව ඇතුළත් කළ හැකි අතර පසුව ප්‍රමාදයකින් තොරව බන්ධනාගාරයට පැමිඣිය හැකිය. තවද කොවිඩ්-19 වර්තමාන වසංගතය හේතුවෙන් අමුත්තන්ට බන්ධනාගාරයට ඇතුළුවීම වළක්වා ඇත. එහෙත්, වසංගතය පහව ගිය පසු ඉහත පහසුකම් නරඹන්නට ලබාදීමට කටයුතු යොදා ඇත.

මෙම ක්‍රමයේ කොටසක් ලෙස අමුත්තන්ට වීඩියෝ ඇමතුම් තාක්ෂණය හරහා රැදවියන් දැක බලා ගැනීමටත් කතා කිරීමටත් පහසුකම් ලබා දී ඇත. පෙර පැවති ක්‍රමවේදය මෙන්, අමුත්තන්ට ඔවුන්ගේ සහ රැදවියන්ගේ තොරතුරු පද්ධතියට ඇතුළත් කළ හැකි අතර වීඩියෝ ඇමතුමක් මගින් රැදවියා බැලීමට කාලය සහ දිනයක් වෙන් කර ගත හැකිය. මෙම අවස්ථාව මගින් සිරකරුවන්ට ශාරීරික චාරිකා කළ නොහැකි අවස්ථාවන්හිදී ඔවුන්ගේ පවුල් බැලීමට අවස්ථාව ලබා දේ. එසේම එය නරඹන්නන්ගේ සහ සිරකරුවන්ගේ ආරක්ෂාව සහතික කරයි.

මෙම වෙබ් යෙදුම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සැලසුම් හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය විසින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සංකල්පයක් මත සංවර්ධනය කරන ලද අතර, එය නියමු ව්‍යාපෘතියක් ලෙස 2020-12-15 දින අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේදී දියත් කරන ලදි. ගරු බන්ධනාගාර කලමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිදුන්ගේ උපදෙස් මත ඉදිරි මස තුළදී මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ සියලුම බන්ධනාගාර වල ස්ථාපිත කිරීමට නියමිතය.

තවද, අගුනකොලපැලැස්ස බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණය කළ ගරු අමාත්‍යතුමන් එහි පැවති අඩුපාඩු සහ ගැටළු සොයා බලමින් කඩිනමින් ඒවා වලට විසදුම් ලබාදීම සදහා බලධාරීන් දැනුවත් කෙරිණි.

මෙහි රැදවියන් සමග සුහද කතාබහක නිරත වෙමින් බන්ධනාගාර තුළ ප්‍රචණ්ඩත්වයක් ඇති වීමට තමා කිසි ලෙසක ඉඩ නොතබන බවත්, ඒ සදහා ඔවුන්ගේ සහයෝගය බලාපොරොත්තු වන බවත්, සත් අවුරුදු සමාලෝචන සමාව දීමේ ක්‍රියාවලිය පිළිබදවත් ගරු බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ රැදවියන් දැනුවත් කලහ.

මේ සදහා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් වී.ආර්. සිල්වා මහතා, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ටී.එන්. උපුල්දෙණිය මහතා සහ තවත් බලධාරීන් පිරිසක් සහභාගී විය.

Image may contain: one or more people, people standing, beard and outdoor
Image may contain: one or more people and people standing
Image may contain: one or more people and screen
Image may contain: 3 people, people sitting and indoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here