Home Cricket දකුණ පරදා LPL කුසලානය යාපනයට

දකුණ පරදා LPL කුසලානය යාපනයට

511

2020 ලංකා ප්‍රිමිය ලීග් තරඟාවලියේ ශුරයින් බවට පත් වන්නට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අද (16) සමත් වුණා.

ඒ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවති අවසන් මහා තරඟයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53කින් පරාජයට පත් කරමින්.

තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 තුල කඩුලු 06ක් දැවී ලකුණු 188ක් රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 189ක ඉලක්කක් හඹා ගිය ගෝල් ග්ලැඩියේටර්ස් පිළට කඩුලු 09ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 136ක් පමණයි

ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් පිළට ලකුණු 53ක ජයක් හිමිවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here