Home Hit “ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයින් මාලදිවයිනට ගෙන්වන්න” එරට හිටපු විදේශ ඇමතිණිය කියයි

“ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයින් මාලදිවයිනට ගෙන්වන්න” එරට හිටපු විදේශ ඇමතිණිය කියයි

844

ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයින් හට මාලදිවයිනේ පදිංචියට එන්නැයි ආරාධනා කළ යුතු බව මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මවුමූන් මහත්මිය සඳහන් කරනවා.
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ තම රජය එසේ නොකිරීම ගැන තමන් පුදුම වන බවයි.

එමෙන්ම කොවිඩ් 19 රෝගයෙන් මියයන ඉස්ලාම් ආගමිකයන්ගේ අවසන් කටයුතු එම ආගමිකයන්ගේ කැමැත්තට අනුව සිදුකිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවද ඇයගේ සටහනෙහි දැක්වෙනවා.

මාලදිවයින් විදේශ ඇමතිවරයා මෑතකදී සඳහන් කර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත ශ‍්‍රී ලංකාවේ කොවිඩ් මුස්ලිම් මෘත දේහයන් තම රටේ ආදාහනය කිරීමට අවශ්‍ය පසුබිම සලකා බලමින් සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here