Home Hit පාස්කු දින ප්‍රහාරය ගැන ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයෙන් නිවේදනයක්

පාස්කු දින ප්‍රහාරය ගැන ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයෙන් නිවේදනයක්

418

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී මාස 20ක් ගතවී ඇතත් එය සැලසුම්කළ මහ මොළකරුවන් නීතිය හමුවට ගෙන ඒමට වගකිව යුත්තන් මෙතෙක් අපොහොසත් වී ඇතැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසයි.

නිවේදනයක් නිකුත් කරන එම සම්මේලනය පෙන්වා දෙන්නේ දැනට සිදුකෙරෙන පරීක්ෂණවලට බාධාවක් සිදු නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

ජීවිත 250කට වඩා අහිමි කරමින් කිතුණු දේවස්ථාන සහ අනෙකුත් ස්ථාන වෙත එල්ල කෙරුණු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා පැවති ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සමුළු වාරයේදී අවධානයට යොමුව තිබෙනවා.

ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ වහා නිමා කිරීමේ අවශ්‍යතාව ද, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය අවධාරණය කළා.

ඔවුන් විශ්වාසය කරන්නේ ප්‍රහාරය පිළිබඳ වැදගත් තොරතුරු මේවන විටත් රැස්කරගෙන ඇති බවටයි.

ඒ අනුව මානව වර්ගයාට එරෙහිව එල්ලවූ මෙම ප්‍රහාරයට වගකිව යුතු සියලු‍දෙනාට එරෙහිව සුදුසු නීතිමය පියවර ගනු ඇති බවට කතෝලික රදගුරු සම්මේලනය විශ්වාසය පළකරනවා.

එම සම්මේලනයේ සභාපති බදුල්ල රදගුරු අතිඋතුම් ජේ. වින්ස්ටන් එස්. ප්‍රනාන්දු හිමිපාණන් අදාළ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ ප්‍රහාරයෙන් දිවි අහිමිවූ සහ ශාරීරික මෙන්ම මානසික වශයෙන් පීඩාවට පත්වූ සියලු‍ වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම සඳහා එය අත්‍යවශ්‍ය කරුණක් බවයි.

ජාතිය හෝ ආගම පිළිබඳ නොසලකා ජාතික ආරක්ෂාව පිළිබඳ අවධානය යොමුකරමින් වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කළ යුතුයි.

ඒ අනුව රජයේ, අධිකරණ ක්‍රියාවලියේ නීතිය බලාත්මක කරන්නාවූ බල අධිකාරියේ මෙන්ම වගකිවයුතු සමස්ත ජනතාවගේද අභිප්‍රාය විය යුත්තේ දේශයේ ආරක්ෂාව තහවුරු කිරීම බවයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

Image may contain: text
https://www.facebook.com/SLCatholicNews

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here