Home Hit මත්පැන් වර්ගයක් පානය කිරීමෙන් එකම පවුලේ දෙදෙනෙකු මරුට

මත්පැන් වර්ගයක් පානය කිරීමෙන් එකම පවුලේ දෙදෙනෙකු මරුට

242

මත්පැන් වර්ගයක් පානය කිරීමෙන් මීරිගම ප්‍රදේශයේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර තවත් අයෙකු රෝහල් ගත කර තිබෙනවා.

එලෙස මියගිය සොහොයුරන් දෙදෙනා වයස අවුරුදු 54 සහ 47 යන වයස්වල පසුවන්නන් බව සඳහන්.

පොලිසිය පැවසුවේ තවත් අයෙකු රෝහල්ගත කර ඇති බවයි.

සිය මවගේ අවමංගල්‍ය උත්සවයට පැමිණි සොහොයුරන් දෙදෙනෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

කිසියම් ස්ප්‍රීතු විශේෂයක් යොදා සකස් කල මත්පැන් වර්ගයක් ඔවුන් විසින් පානය කර ඇති බව සඳහන්.

මහේස්ත්‍රාත් සහ පශ්චාත් මරණ පරීක්ෂණ අද පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here