Home Hit හිටපු නි. අමාත්‍ය අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ් CID අත්අඩංගුවට

හිටපු නි. අමාත්‍ය අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ් CID අත්අඩංගුවට

343

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ් මහතා සහ තවත් අයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ 2015-2019 කාලසීමාවේදී ලංකා සතොස ආයතනයේ සිදුව ඇතැයි කියන වාහන අවභාවිත කිරීමේ සිදුවීමකට අදාළවයි.

පොලිසිය පැවසුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා කින්නියා ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීද අනෙක් තැනැත්තා වන ෆාරුක් මොහොමඩ් අස්ලාම් නමැත්තා මාතලේ ප්‍රදේශයේදීද ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here