Home Hit ‘ධම්මික පැණිය’ දළදා වහන්සේටත් පූජා කරයි

‘ධම්මික පැණිය’ දළදා වහන්සේටත් පූජා කරයි

521

කෑගල්ල ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන ධම්මික බණ්ඩාර නම් පුද්ගලයෙකු විසින් මෙය නිෂ්පාදනය කරනු ලැබූ පැණිය අති උතුම් ශ්‍රී දළඳා වහන්සේට පූජා කිරීම අද (15) දිනයේදී සිදු විය.

ඉන් අනතුරුව ඔහු අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැ දැක උන්වහන්සේටද මෙම පැණිය පූජා කරනු ලැබුවා.

පැණිය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන විද්වතුන් ඒ පිළිබඳ වාර්තාව ඉතා කඩිනමින් ලබාදී ජනතාව මුහුණ පා සිටින ව්‍යසනයෙන් ඔවුන් මුදවා ගැනීම සඳහා තමන්ට අවස්ථාව ලබාදිය යුතුව තිබෙන බව එහිදී ධම්මික මහතා අවධාරණය කර සිටියා.

කෙසේ නමුත් කොවිඩ් 19 පාලනය කිරීම සදහා යොදා ගැනීමට නියමිත කිසියම් ඖෂධයක් හෝ එන්නතක් නිසි සායනික පරික්ෂාවකින් තහවුරු වූ ඒ්වා විය යුතු බවත් එසේ නොවුනහොත් එයින් අත්විය හැකි ප්‍රතිඵල අහිතකර විය හැකි බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ අවධාරණය කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here