Home Hit මේ ආණ්ඩුව යුරෝපෙට උත්තර දෙන ආණ්ඩුවක් නෙමෙයි – රාජ්‍ය අමාත්‍ය ඉන්දික

මේ ආණ්ඩුව යුරෝපෙට උත්තර දෙන ආණ්ඩුවක් නෙමෙයි – රාජ්‍ය අමාත්‍ය ඉන්දික

431

ජාත්‍යන්තරයට ගොස් ආණ්ඩුවේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට විපක්‍ෂය උත්සාහ කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.

විපක්ෂය ජාත්‍යන්තර සංවිධානවලට වත්මන් රජය පිළිබදව වැරදි මත ලබා දීමේ දුර්වල උත්සාහයක නිරතවී සිටින බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. වත්මන් ආණ්ඩුවට බටහිර බලවේගවලට පිළිතුරු දීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

මරදගහමුල පේෂ කාර්මිකයන්ගේ සමූපකාර සමිතියේ සහ එම කර්මාන්තශාලාවේ කටයුතු සොයා බැලීම සදහා නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළා. මෙම කර්මාන්තශාලාවේ 52 දෙනෙකුට ආසන්න සේවකයින් සංඛ්‍යාවක් සිටින අතර දේශීය අත් යන්ත්‍ර භාවිතයෙන් සාරි ඇද ඇතිරිලි ඇතුළු ඇගලුම් වර්ග රැසක් මෙහි නිෂ්පාදනය කෙරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here