Home Coronavirus 2020 නත්තලට රට වහන්න බලාපොරොත්තුවක් නෑ

නත්තලට රට වහන්න බලාපොරොත්තුවක් නෑ

292

එළැඹෙන නත්තල වෙනුවෙන් රට වැසීමට දැනට කිසිම සූදානමක් නැතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා සිටියි.

එමෙන්ම ඉදිරි දින කිහිපයේ ජනතාව හැසිරෙන ආකාරය අනුව කොවිඩ් පොකුරු මතුවුවහොත් හැරෙන්නට කිසිදු ප්‍රදේශයක් වැසීමේ බලාපොරොත්තුවක් නැති බවත් එම මහතා සඳහන් කර සිටියි.

ඉදිරි දින කිහිපයේදීත් හුදෙකලා කර ඇති ප්‍රදේශ හා මහල් නිවාසවලින් මුදාහැරීමට හැකි තැන් පමණක් මුදාහරින බවද හෙතම පෙන්වා දෙන ලදි.

මහල් නිවාස හයක් පෙරේදා (12) දිනයේදී හුදෙකලා බවින් ඉවත් කළ බවත්, ඊයේ (13) දිනයේත් මහල් නිවාස දෙකක් හුදෙකලා බවින් මුදාහැරීමට කටයුතු යොදා තිබූ බවත් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here