Home Coronavirus 2020 බන්ධනාගාරවල කොරෝනා ආසාදිතයන් ගණන 3,000 ඉක්මවයි

බන්ධනාගාරවල කොරෝනා ආසාදිතයන් ගණන 3,000 ඉක්මවයි

299

බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයන් 3087 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (14) දිනයේදී නව ආසාදිතයින් 122ක් හඳුනා ගැනීමත් සමඟයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (14) හමුවූ ආසාදිතයින් 122 දෙනාම පිරිමි රැඳවියන් බවයි.

මේ වනවිට බන්ධනාගාර ගත කර සිටින පිරිමි රැඳවියන් 2414 කට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර, කාන්තා රැඳවියන් 189 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වූ බන්ධනාගාර නිලධාරින් සංඛ්‍යාව 103ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here