Home Hit අටළුගමින් පැනවිත් බස් නැවතුමේ රටකජු විකිණූ වෙළෙන්දා අල්ලයි

අටළුගමින් පැනවිත් බස් නැවතුමේ රටකජු විකිණූ වෙළෙන්දා අල්ලයි

411

අටළුගම ප්‍රදේශයෙන් පලාවිත් පානදුර බස් නැවතුම්පොළේ දුර ගමන් සේවා බස්රථවල රටකජු විකිණූ පුද්ගලයකු යුද හමුදා බුද්ධි අංශය විසින් පසුගිය 11වෙනිදා රාත්‍රීයේ සොයාගෙන ඇති බව වාර්තා වේ.

මාතර සිට කොළඹ දක්වා ගමන්ගත් බස් රථයක රටකජු අලෙවි කරමින් සිටි මෙම පුද්ගලයා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් පරීක්‍ෂා කිරීමේදී ඔහු පෙරදින උදෑසන බණ්ඩාරගම, අටුලූගම ප්‍රදේශයෙන් හොර රහසේ පැන ආ බවට තොරතුරු ලැබී තිබේ.

අදාළ පුද්ගලයා ඉකුත් 10 දා පෙරවරුවේ බණ්ඩාරගම – කළුතර මාර්ගයේ වෙල් යායකින් පැන ආ බවටත්, දින දෙකක් දුර ගමන් සේවා බස් රථවල රටකජු විකුණා ඇති බවටත් තොරතුරු ලැබී ඇත.

සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු ඔහු පී.සී.ආර්. පරීක්‍ෂණයකට යොමුකළ යුතු පුද්ගලයකු බවට බණ්ඩාරගම සෞඛ්‍ය බලධාරීන් දැනුම්දී තිබේ.

ඒ අනුව ඔහුට පීසීආර් පරීක්‍ෂණයක් සිදුකර නිවසේ නිරෝධායනයට ලක් කර ඇත.

මෙසේ නිරෝධායනයට ලක්කර ඇත්තේ බණ්ඩාරගම, අටුළුගම ජයකොඩි කන්ද ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු බව සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here