Home Hit නිරෝධායනයෙන් පැන ගිය පියා සහ දියණිය සොයා ගනියි

නිරෝධායනයෙන් පැන ගිය පියා සහ දියණිය සොයා ගනියි

431

දැඩි සංචාරණ සීමා පනවා පී.සී.ආර්. පරීක්‍ෂණ සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායනය කර තිබූ වේයන්ගොඩ නගර සභා නිවාසවල සිටි කාන්තාවක් සහ ඇගේ පියා ඉන් පැන ගොස් වේයන්ගොඩ කුරිකොටුව ප්‍රදේශයේ ඔවුන්ගේම වෙනත් නිවසක රැඳී සිටියදී ඉකුත් 12 වන දින පොලිසිය සොයා ගෙන ඇත.

වේයන්ගොඩ නගර සභා නිවාස තුළින් වැඩි වශයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමත් සමඟ එම නිවාස සංකීර්ණය සම්පූර්ණයෙන්ම වසා දමා එහි සියලුම දෙනා එම නිවාස තුළම නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති අතර මෙම නිවාසවලට පිවිසීමට තිබෙන නිදහස් මාවතද මේ වනවිට සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

එවැනි පසුබිමක් තුළ ඉකුත් (11) දින රාත්‍රියේ නිරෝධායනය කර තිබෙන මෙම නිවාස සංකීර්ණයෙන් කාන්තාවක් සහ ඇගේ පියා පැන ගොස් වේයන්ගොඩ කුරිකොටුව ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ වෙනත් නිවසක රැඳී සිට ඇත.

අදාළ කාන්තාව නිරෝධායනයෙන් පැන ගොස් වෙනත් නිවසක රැඳී සිටින බවට වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට සැලවීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගම්වාසීන්ගේද සහාය ඇතිව මොවුන් පැන ගොස් රැඳී සිටි කුරිකොටුව බදුවත්ත ප්‍රදේශයේ පිහිටි නිවස සොයා ගැනිණි.

පසුව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එම ස්ථානයට කැඳවූ අතර එහිදී මහජන සෞඛ්‍ය පරීක්‍ෂක විසින් එම නිවස තුළම මෙම කාන්තාව, ඇගේ පියා ඇතුළු එම පවුලේ සියලුම දෙනා දින 14ක් නිරෝධායනය කිරීමට කටයුතු කර ඇත.

ඇය පොලිස් සේවයට බැඳීම සඳහා වූ වෛද්‍ය පරීක්‍ෂණයට ඉදිරි දිනයකදී පෙනී සිටීමට තිබෙන බැවින් සෞඛ්‍ය අංශවලින් අවසර ලබාගෙන නිරෝධායනයෙන් ඉවත්වී පැමිණි බව ගම්වාසීන්ට පවසා ඇති අතර ඇය ඉදිරිපත් කළ කරුණු පිළිබඳව සැක සිතී එම කාන්තාවගෙන් වැඩිදුර තොරතුරු විමසීමේදී එම කාන්තාව කෝපයෙන් හැසිරුණු බවද ප්‍රදේශවාසීන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here