Home Hit අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයෙක් ගිනි අවි සමඟ දැලේ

අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයෙක් ගිනි අවි සමඟ දැලේ

232

යුද හමුදා බුද්ධි අංශය ලබාදුන් තොරතුරකට අනුව අංගොඩ – සිරිපැරකුම් මාවත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ තවත් වැටලීමකදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන අංගොඩ ලොක්කා සහ සොල්ටා යන අයට අවි ආයුධ නිෂ්පාදනය කර ලබාදුන් ඔවුන්ගේ සමීපතම ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුමිත්‍රආරච්චිගේ දොන් උදාර නිරංජන නැමැති 37 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ T -56 ජීව උණ්ඩ 18 ක්ද සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු විසින් මීට පෙර ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීම, වෑන් රථයක් පැහැර ගැනීම, මංකොල්ලකෑමේ නඩුවක් ඇතුළු අපරාධ රැසකට අධිකරණයෙන් වරදකරු කරනු ලැබූ පුද්ගලයෙකු බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here