Home Hit විදේශයන්හි සිට ශ්‍රී ලාංකිකයින් 175ක් දිවයිනට

විදේශයන්හි සිට ශ්‍රී ලාංකිකයින් 175ක් දිවයිනට

242

කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන් සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 175 දෙනෙක් කටුනායක ගුවන්තොටුපල හරහා අද (14) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

එලෙස පැමිණි අයට සෞදි අරාබියේ රියාද් සිට පැමිණි 50 දෙනෙකු සහ කටාර් සිට පැමිණි 42 දෙනෙකු ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.

අද පෙරවරු 8.30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ කටුනායක ගුවන්තොටුපලෙන් විදේශ රටවල් වෙත ගුවන් ගමන් 08ක් පිටත්ව ගොස් ඇති අතර ඒවා මගින් 221 දෙනෙකු විදේශ රැකියා සහ අධ්‍යාපන ව්‍යාපාරික කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here