Home Hit විනෝදයට අභ්‍යවකාශයට සංචාරය කිරීමට 2021 සිට ඉඩකඩ

විනෝදයට අභ්‍යවකාශයට සංචාරය කිරීමට 2021 සිට ඉඩකඩ

377

රිචඩ් බ්‍රැන්සන්ගේ අභ්‍යවකාශ සංචාරක සමාගම වන වර්ජින් ගැලැක්ටික් (Virgin Galactic) විසින් ඊයේ (12) දින රොකට් බලයෙන් ක්‍රියාත්මක වන සංචාරක ගුවන් යානයක අත්හදා බැලීමක් සිදු කරන ලද බව BBCය වාර්තා කරයි.

මීට හිටපු නාසා ගගනගාමී සී. ජේ. ස්ටර්කෝව් සහ ගැලැක්සි ප්‍රධාන පරීක්ෂණ නියමුවා ඩේව් මැකේ පමණක් සහභාගී වන ලදි.

වර්ජින් ගැලැක්ටික්විසින් 2021 වසරේ සිට අභ්‍යවකාශ සංචාරක ගුවන් සේවාව ආරම්භ කිරීමට නියමිතය.

මේ වන විටත් පොප් ගායක ජස්ටින් බීබර් සහ ලෝක ප්‍රකට නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ ඇතුළු 600කට අධික පිරිසක් මෙම අභ්‍යවකාශ සංචාර සඳහා ආසන වෙන් කරවාගෙන සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here