Home Coronavirus 2020 යාපනයේ උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට සංචරණ සීමා

යාපනයේ උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට සංචරණ සීමා

292

යාපනය, මරදනාමඩු පොදු වෙළඳ සංකීර්ණයේ සිටි පුද්ගලයින් කිහිපදෙනකු කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී හදුනාගැනීමත් සමඟ යාපනය උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සංචරණය සීමා පැනවීම කටයුතු කළ බව යාපනය දිස්ත්‍රික් ලේකම් කේ.මහේෂන් මහතා ප්‍රකාශ කර සිටියි.

මරදනාමඩු පොදු වෙළඳ සංකීර්ණයේ සේවකයින්ගේ හා වෙළෙඳුන්ගේ අහඹුලෙස සිදුකළ පී.සී.ආර්. සාම්පල පරීක්ෂාවකදී පුද්ගලයින් හයදෙනකු ආසාදිතයින් ලෙස වාර්තාවීමත් සමඟ මරදනාමඩු පොදු වෙළෙඳ සංකීර්ණයද හුදකලා කිරීමට පියවර ගත් බව ඔහු පවසයි.

උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරීවසම් 30කින් 28ක් එලෙස සංචරණ සීමා යෙදවීමට කටයුතු කොට ඇති බවත් ප්‍රදේශයන් හි සංචාරක සීමා යෙදවීම සඳහා යුද හමුදාව හා පොලිසිය යොදවා ඇති බවත් පැවසේ.

හදුනාගත් ආසාදිතයින් සමීපතව ඇසුරුකළ පුද්ගලයින් නිරෝධායනය සඳහා යොමුකිරීමට පියවරගෙන ඇති අතර ඔවුන් සඳහා පී.සී.ආර් පරීක්ෂණය සිදුකිරීමට නියමිත ඇති බවත් යාපනය සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර සිටියි.

ගතවූ පැය 24 කාලයතුල යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් – 19 වෛරසය ආසාදිතයින් අටදෙනකු වාර්තාවූ බවත් යාපනය ශික්ෂණ රෝහල් වෛද්‍ය අධ්‍යක්ෂ කාර්යාලය ප්‍රකාශ කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here