Home Hit රැකියා සොයන්නන්ගේ සිට රැකියා උත්පාදකයා දක්වා තාරුණ්‍යයේ මනස වෙනස් කළ යුතුයි

රැකියා සොයන්නන්ගේ සිට රැකියා උත්පාදකයා දක්වා තාරුණ්‍යයේ මනස වෙනස් කළ යුතුයි

378

තරුණ ව්‍යවසායකයින්ට,නව ව්‍යාපාරිකයින්ට ඔවුන්ගේ නිෂ්පාදන සදහා වෙළෙදපළක් නිර්මාණය විය යුතු බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (12) කොළඹ නිදහස් වෙළෙඳ සංකීර්ණය තුළ දේශීය ව්‍යවසායකයන් සඳහා නිදහස් වෙළෙඳපොළ ආරම්භක අවස්ථාව සඳහා සහභාගි වෙමින්

පාරිභෝගිකයින් හා සම්බන්ධවීමට අවස්ථාවන් ද නිර්මාණය කිරීමට රටක් ලෙස තව දුරටත් මැදිහත්විය යුතු බවත් . කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර යනු යහපත් ආර්ථිකයක පදනම බවත් ඒ මහතා පවසනවා.

මෙරට තාරුණ්‍යයේ මානසිකත්වය රැකියා සොයන්නන්ගේ සිට රැකියා උත්පාදකයා දක්වා වෙනස් කළ යුතු බවත් වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.

දේශීය ව්‍යවසායකයන් සඳහා නිදහස් වෙළෙඳපොළ ආරම්භක අවස්ථාව සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ භාතිය ජයකොඩි මහතාද, සංවිධායක උදාරා මහත්මිය ඇතුළු සංවිධායක මණ්ඩලයේ නිලධාරීන් හා ව්‍යවසායකයින් රැසක් ද මීට සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here