Home Hit සංචරකයින් පිරුණු ගුවන් යානා 20ක් ගෙන ඒමේ වගකීම උදයංග භාරගනී

සංචරකයින් පිරුණු ගුවන් යානා 20ක් ගෙන ඒමේ වගකීම උදයංග භාරගනී

801

2021 වසරේ පළමු මාසයේ යහපාලනය රජය තමන්ට සිදුකල පලිගැනීම් වලට පිළිතුරක් ලෙස ගුවන්යානා 20ක් දිවයිනට රැගෙන ඒමට අදාල වගකීම භාර ගන්නා බව උදයංග වීරතුංග මහතා පවසයි

ඒ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.

එම සටහන පහතින්

2020 දෙසැම්බර් 26 වන දින සිට 2021 ජනවාරි 26 අතර කාල පරිච්ඡේදයෙහි රුසියානු, යුක්රේනියානු හා කසස්ථානු සංචාරකයින් 5000 මෙරටට ගෙන්වා ගැනීමේ නව නියාමන ව්‍යාපෘතියක් ලෙස ගුවන්තොටුපල විවෘත කර, මුහුදු තීරයෙහි හෝටල් තුළ නිරෝධාන නීති රීති වලට අනුකූලව විවේක ගැනීමට මා ඉදිරිපත් කල යෝජනාවට අවශ්‍ය අවසරය රජය විසින් ලබාදීම, දේශිය සංචාරක ව්‍යාපාරය ලැබූ පළමු ජයක්ග්‍රණය බව සතුටින් දන්වා සිටිමි.

පළමු මාසයේදී ගුවන්යානා 20ක් දිවයිනට රැගෙන ඒමට අදාල වගකීම මා විසින් භාර ගන්නා ලද්දේ යහපාලනය රජය අපට සිදුකල පලිගැනීම් වලට පිළිතුරක් ලෙසය.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here