Home Coronavirus 2020 ගාල්ලේ ග්‍රාම සේවා වසම් 07කට දැඩි සංචරණ සීමා

ගාල්ලේ ග්‍රාම සේවා වසම් 07කට දැඩි සංචරණ සීමා

290

ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 07කට දැඩි සංචරණ සීමා පනවා තිබෙනවා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ පසුගිය දිනෙක සිදුකළ PCR පරීක්ෂණ 1768කින් ඊයේ (11) ලැබුණු වාර්තා අනුව ආසාදිතයින් 20 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙම පියවර ගත් බවයි.

ඒ අනුව ගාල්ල – මිලිද්දුව, කෝන්ගහ, දෙද්දුගොඩ – උතුර, දෙද්දුගොඩ – දකුණ, තලාපිටිය, දංගෙදර – නැගෙනහිර සහ මකුළුව යන ග්‍රාම සේවා වසම්වලට මෙලෙස දැඩි සංචරණ සීමා පනවා තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here