Home Hit ඩ්‍රෝන කැමරාවකින් අනවසරයෙන් රූපගත කිරීම් ගතකළ පස්දෙනෙකු අත්අඩංගුවට

ඩ්‍රෝන කැමරාවකින් අනවසරයෙන් රූපගත කිරීම් ගතකළ පස්දෙනෙකු අත්අඩංගුවට

355

අනුරාධපුර ගුවන් හමුදා කඳවුර ආසන්නයේ ඩ්‍රෝන කැමරාවකින් අනවසරයෙන් රූපගත කිරීම් සිදුකළ තරුණයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් ඊයේ ලබාදුන් තොරතුරක් මත පොලීසිය අත්අඩංගුවට ගත් තරුණයින් ප්‍රකාශ කර ඇත්තේ ඒ ආසන්නයේ පිහිටි රජයේ පාසලක් සම්බන්ධයෙන් සිදුකරන වාර්තා වැඩසටහනක් සඳහා ඩ්‍රෝන කැමරාව යොදාගනිමින් රූපගත කිරීම් සිදුකළ බවයි.

කෙසේ වෙතත් අදාළ රූපගත කිරීම් සඳහා ඩ්‍රෝන කැමරාව යොදාගැනීම සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අවසර ගෙන නොමැති බව සිදුකළ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණයන් පස්දෙනා බොරලැස්ගමුව, ගනේමුල්ල, කිරිඳිවැල, ඇල්විටිගල සහ මොරගහහේනේ පදිංචිකරුවන් බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here