Home Hit “ඉඳං හිටියට වඩා ‘හිටං’ හිටියනම් හොඳයි වගේ” – සිංහල රාවය

“ඉඳං හිටියට වඩා ‘හිටං’ හිටියනම් හොඳයි වගේ” – සිංහල රාවය

869

රාජ්‍ය ආයතන පෞද්ගලික ගොඩනැගිලි වල කුලී පදනම මත ක්‍රියාත්මක කරගෙන නොයන බවට ජනපති දුන් පොරොන්දුව කඩ කර ඇති බවට සිංහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් චෝදනා කර සිටිනවා.

මේ බව ජනපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පවා අඩංගු වුවද දැන් අලි සබ්‍රි මහතාට මසකට රුපියල් ලක්ෂ 170ක කුලී පදනම යටතේ කාර්‍යාලයක් ලබාදී ඇති බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

“ජනාධිපතිවරයාගේ තීරණ අලි සබ්‍රි මහතාට අදාල නැද්ද? කලින් ආණ්ඩුව තියෙද්දි අපිට හිතුනා හිටං හිටියට වඩා ඉඳන් හිටියනම් හොඳයි කියලා. බලාගෙන යද්දි ඉඳන් ඉන්නවට වඩා හිටං හිටිය නම් හොඳයි කියලා තමයි මිනිස්සු කියන්නේ.” යැයි උන්වහන්සේ වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here