Home Court අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු හිස්බුල්ලාගේ පෙත්සම සළකා බැලීමෙන් ඉවත්වෙයි

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු හිස්බුල්ලාගේ පෙත්සම සළකා බැලීමෙන් ඉවත්වෙයි

449

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා ඉදිරිපත් කර ඇති පෙත්සම සළකා බැලීමෙන් අභියචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (10) ඉවත්වී තිබෙනවා.

හිජාස් හිස්බුල්ලා හමුවී උපදෙස් ලබාගැනීම සඳහා ඔහුගේ නීතීඥවරුන්ට අවස්ථාව ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි අදාළ පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

එම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා ඇතුලු විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවූ අතර, පෞද්ගලික හේතුවක් මත තමා මෙම පෙත්සම සළකා බැලීමෙන් ඉවත්වන බවයි සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සඳහන් කළේ.

ඒ අනුව පෙත්සම සළකා බැලීම ලබන 14 වනදා දක්වා කල් දැමුණා.

පෙත්සමේ දක්වා ඇත්තේ දැනට රැඳවුම් භාරයේ සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා හමුවීම සඳහා පසුගිය සැප්තැම්බර් මාසයෙන් පසු මේ දක්වා ඔහුගේ නීතීඥවරුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථාවක් ලබාදී නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here