Home Coronavirus 2020 වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 30,000 ඉක්මවයි- මරණ ගන්නත් ඉහළට

වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 30,000 ඉක්මවයි- මරණ ගන්නත් ඉහළට

276

මෙරට Covid -19 වෛරසය ආසාදනය වී රෝහල් ගත කර ඇති ආසාදිතයින් සංඛ්‍යාව පළමු වරට අට දහසේ සීමාව ඊයේ දිනයේදී ඉක්මවා ගියා. ඒ ඊයේ(09) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 694ක් වාර්තා වීමත් සමගයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 30,072ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ.

මේ අතර ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදන මරණ දෙකක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 144ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනය වන විට කොවිඩ් ආසාදිතව රෝහල් ගත කර ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8,128ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 21,800ක්.

No description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here