Home Coronavirus 2020 ජනතාව දැනුවත් කර කොවිඩ් පාලනයට ආගමික නායකයින්ගේ සහය අවශ්‍යයි – රාජ්‍ය...

ජනතාව දැනුවත් කර කොවිඩ් පාලනයට ආගමික නායකයින්ගේ සහය අවශ්‍යයි – රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී

274

Covid -19 සදහා ප්‍රතිචාර දැක්වීමේදී ජනතාවගේ සහාය සැලකිය යුතු මට්ටමක නොපවතින බැවින් ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ආගමික නායකයින්ගේ සහය ලබාගත යුතු බව වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ Covid -19 පාලනය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වූ සමා‌ලෝචන වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේදීයි.

තිහාරිය, කැළණිය සහ වත්තල යන ප්‍රදේශවල නව කොවිඩ් පොකුරු බිහිවීමේ ඉඩකඩක් පවතින බැවින් එය පාලනය කිරීම සදහා විශේෂ අවධානයක් දෙන ලෙසද රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී නිළධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here