Home Hit සමාජ මාධ්‍යයේ නොමිලේ Tab දෙන බවට යන කථාව බොරු

සමාජ මාධ්‍යයේ නොමිලේ Tab දෙන බවට යන කථාව බොරු

237

රජය විසින් පාසල් සිසුන්ට ටැබ් පරිගණක නොමිලේ ලබාදීමට කටයුතු කරන බවත් ඒ සදහා ලියාපදිංචි වීමට සිසුන්ට අවස්ථාව පවතින බවට මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන තොරතුරුවල සත්‍යතාවයක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශයපවසයි

අමාත්‍යංශය සඳහන් කළේ පාසල් වෙත ටැබ් පරිගණක ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍යංශය විසින් එවැනි පියවරක් ගෙන නොමැති බවයි.

සිසුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායීව සහ පහසුවෙන් පවත්වාගෙන යාම වෙනුවෙන් ඩිජිටල් ඉගෙනුම් ආධාරකයක් වශයෙන් ටැබ් පරිගණක ලබාදීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ අමාත්‍ය පත්‍රිකාවට මේ වනවිට අනුමැතිය ලැබී තිබෙනවා.

එබැවින් දිවයිනේ දුෂ්කර හා ග්‍රාමීය පාසල්වල 6 සිට 11 ශ්‍රේණිවල පාසල් දරුවන් හා ගුරුභවතුන්ට ටැබ් පරිගණක ලබාදීමේ පළමු අදියර දැනටමත් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව නිර්ණායක මත පදනම්ව දිවයිනේ සියලූ පළාත් නියෝජනය වන පරිදි තෝරාගත් 6 – 11 ශ්‍රේණි සහිත පාසල් 1,401ක් සඳහා පළමු අදියරේ දී ටැබ් පරිගණක ලබාදීමට පියවර ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.

ජාතික පාසල් 184 ක් හා පළාත් පාසල් 1218 ක් මේ යටතට අයත්.

ඒ අනුව, පළමු අදියරේ දී 6-11 ශ්‍රේණිවල සිසුන් 83 086 ක් සහ ගුරු භවතුන් 9941 ක් වෙත ටැබ් පරිගණක ලබා දෙනු ඇති.

එම නිසා අසත්‍ය තොරතුරුවලට නොරැවටී අමාත්‍යාංශය විසින් නිකුත් කරන නිල නිවේදන කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here