Home Uncategorized බන්ධනාගාර අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් වරයෙක් (PHOTOS)

බන්ධනාගාර අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් වරයෙක් (PHOTOS)

321

බන්ධනාගාර කලමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් වී.ආර්. සිල්වා මහතා (RSP VSV VSV USP NDU19) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබීය.

ඒ අනුව නව ලේකම්වරයා ඊයේ (08) දින රාජගිරියේ පිහිටි බන්ධනාගාර කලමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඉදිරියේ වැඩ භාරගන්නා ලදි.

නව ලේකම්වරයා,දෙවන ලුතිනන්වරයෙකු වශයෙන් 1976 ශ්‍රී ලංකා යුධ හමුදා ඇතුලු වී යුධ ක්‍රියාන්විත රාජකාරි වල විශාල මෙහෙයක් සිදුකළ අයෙක් වන අතර 2009 වර්ෂයේ සිට වසර දෙකක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (ජනරාල්) වරයාද වශයෙන් සේවය කර බන්ධනාගාර පිළිබද විශාල අත්දැකීම් රාශියක් ඇති අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here