Home Coronavirus 2020 ඊයේ වාර්තා වූ ආසාදිතයින් 798 දෙනාගෙන් 526ක්ම කොළඹ

ඊයේ වාර්තා වූ ආසාදිතයින් 798 දෙනාගෙන් 526ක්ම කොළඹ

308

වැඩිම ආසාදිතයන් ගණනක් ඊයේ (08) කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය සංක්‍යත්මකව 526ක් බව සඳහන් වනවා.

එසේම එම පිරිසද ඇතුළුව ඊයේ (08) ආසාදිතයන් 798දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇත.

ඊයේ හඳුනා ගත් 798දෙනාගෙන්’ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 97දෙනෙකු කළුතරින් ආසාදිතයන් 53දෙනෙකු වශයෙන් ද වාර්තා වන බව Covid – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.

විදෙස්ගතව සිට මෙරටට පැමිණි එක් ලාංකිකයෙක් ද කොවිඩ් ආසදිතයකු ලෙස හඳුනාගෙන ඇත.

මේ අතර මෙරට හඳුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 29,377ක් වන අතර ඉන් 21,257දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. එසේම ආසාදිතයන් 7,978ක් මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here