Home Hit බිට්කොයින් වෙනුවට “යුවාන්” ? – චීනයෙන් අලුත් ඩිජිටල් මුදල් ඒකකයක්

බිට්කොයින් වෙනුවට “යුවාන්” ? – චීනයෙන් අලුත් ඩිජිටල් මුදල් ඒකකයක්

513

ලෝකයේ රටවල් අතර ගණුදෙනු කටයුතු සදහා භාවිතා කෙරෙන ඇමරිකානු ඩොලරයට ඇති බලය බිඳීම අරමුණු කරගනිමින්, සිය “යුවාන්” මුදල් ඒකකය ඩිජිටල්කරණයට ලක්කිරීම සදහා කඩිනම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට චීනය කටයුතු කර තිබේ.

මේ වසරේ ආරම්භයේ සිට ප්‍රධාන චීන නාගරික කලාප හතරක යුවාන් බිලියන 2 ක (ඇ.ඩො මිලියන 300ක) වටිනාකමකින් යුතු ගණුදෙනු සිදුකරමින් මෙහි ඵලදායීතාවය පිළිබඳව චීනය විසින් අධ්‍යයනය කර තිබේ. මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් යුරෝපා සංගමයේ “යූරෝ” මුදල් ඒකකය අභිබවා බලවත් වීමේ හැකියාව “යුවාන්” මුදල් ඒකකයට පවතී.

දැනටමත් චීනයේ බොහෝ කලාපයන් කාසි සහ නෝට්ටු වලින් තොරව ගණුදෙනු සිදුකිරීමට පෙළඹී සිටියද ඒ සදහා භාවිතා කෙරෙන බොහෝ මෘදුකාංග පුද්ගලික සමාගම් විසින් නිපදවූ ඒවා වේ. නමුත් නුදුරේදීම චීන රජය මෙම ක්‍රියාවලියට පූර්ණ මැදිහත්වීමක් සිදුකිරීමට නියමිතව ඇති අතර ඒ හරහා සියලූම ගණුදෙනු මධ්‍යගත සුපරීක්ෂණයකට සහ නියාමනයකට ලක්කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ.

“බිට් කොයින්” සහ අනෙකුත් ඩිජිටල් මුදල් ඒකක බොහෝමයක් මධ්‍යගත පාලනයකින් තොරව blockchain ක්‍රමවේදයක් හරහා පාලනය වන නමුත් “යුවාන්” ඩිජිටල් මුදල් ඒකකය චීන රජයේ පූර්ණ පාලනයට යටත් වනු ඇතැයි වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here