Home Coronavirus 2020 ඊයේ දිනයේ Covid-19 ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ – 371ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්

ඊයේ දිනයේ Covid-19 ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ – 371ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්

315

ශ්‍රී ලංකාවෙන් ඊයේ සටහන්වූ Covid-19 ආසාදිතයින් 703 දෙනා අතුරින් 371 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඉන් 192 දෙනෙකු බොරැල්ලෙන් වන අතර කොම්පඤ්ඤවීදිය හා දෙමටගොඩින් හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 32ක්.

ඒ අනුව ඔක්තෝබර් 04 වනදායින් පසුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ දක්වා හමුවී ඇති Covid-19 ආසාදිතයන් සංඛ්‍යාව 11, 706ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයන් 102ක්ද කලුතරින් ආසාදිතයන් 64ක්ද, අම්පාරින් 51ක්ද, හම්බන්තොටින් ආසාදිතයන් 46 ක්ද වාර්තා වී ඇතැයි Covid -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලා.

මහනුවරින් 25ක්, නුවරඑළියෙන් 22ක්, ගාල්ලෙන් 12ක්, පුත්තලමින් 05ක්, අනුරාධපුරයෙන් 02ක් සහ කුරුණෑගල, මාතලේ හා මඩකලපුව දිස්ත්‍රික්වලින් එක් ආසාදිතයෙකු බැගින්ද ඊයේ දිනයේදී Covid-19 ආසාදිතයන් සටහන්වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here