Home Hit කෝටි 66ක පාඩුවක් දරමින් පොහොට්ටුව, කෙහෙල් කොළයක් කරලා

කෝටි 66ක පාඩුවක් දරමින් පොහොට්ටුව, කෙහෙල් කොළයක් කරලා

857

කටුනායක ගුවන් තොටුපළේ දෙවැනි පර්යන්තයේ වහලය සෑදීම වසර පහක් ප්‍රමාද කිරීම නිසා රුපියල් කෝටි තුන්දහස් එකසිය පනස් හතරක පාඩුවක් සිදුව ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග ඉකුත් 05 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

නෙළුම් මලක හැඩයට සැලසුම් කර තිබූ මෙම පර්යන්තයේ වහලය කෙසෙල් කොළයක හැඩයකින් සෑදීමට පමණක් රුපියල් කෝටි 66ක් වියදම් කර ඇතැයිද ඇමැතිවරයා පැවැසුවේය.

මේ සම්බන්ධයෙන් වගකිව යුත්තේ එවක සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැතිවරයාවූ අශෝක් අබේසිංහ බව නාමල් රාජපක්ෂ ඇමැතිවරයා පැවසීය

දෙවැනි අදියර ක්‍රියාත්මක කරන්න බැරිවුණේ ලංකාවේ ඉංජිනේරු ඇස්තමේන්තු මුදලට වඩා ජයිකා ආයතනය ඉදිරිපත් කළ ඇස්තමේන්තුව වැඩිවූ නිසා යැයි අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා මෙහිදී පැවැසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here