Home Hit මහර බන්ධනාගාර සිද්ධියේ අතුරු වාර්තාව අද අධිකරණ ඇමතිට

මහර බන්ධනාගාර සිද්ධියේ අතුරු වාර්තාව අද අධිකරණ ඇමතිට

249

මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් මිය ගිය රැදවියන් 11 දෙනාගෙන් 7 දෙනෙකුගේ මෘත ශරීර මේ වන විට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

මෙලෙස හඳුනා ගත් 3 දෙනෙකුගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදුකිරීමට නියමිතයි.

මියගිය ඉතිරි සිව් දෙනාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. හෝ ඇගිලි සලකුණු පරීක්ෂණ සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

එමෙන්ම මහර බන්ධනාගාරයේ සිද්ධියට අදාළව කරුණු විමර්ශනය සඳහා පත්කළ කමිටුවේ අතුරු වාර්තාව අද පස්වරු තුනට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි වෙත භාරදීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here