Home Hit අපි අළුත් තැනට යන්නේ පරිත්‍යාගයක් විදිහට – අලි සබ්‍රි

අපි අළුත් තැනට යන්නේ පරිත්‍යාගයක් විදිහට – අලි සබ්‍රි

1140

අධික මුදලක් වැය කරමින් අධිකරණ අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පරිශ‍්‍රයක ස්ථාපිත කිරීමට සූදානමක් ඇති බවට පළ වූ වාර්තාවලට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා අද (07) ප‍්‍රතිචාර දක්වනු ලැබුවා.

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට අළුතින් විනිශ්චයකාරවරුන් 14 දෙනෙකු පත් කෙරුණු අතර විනිශ්චයකාරවරුන්ගේ මෙවැනි වැඩිවීමත් සමඟ අවශ්‍යවන ඉඩකඩ පහසුම් සඳහා වෙනත් ස්ථානයකට යා යුතුව පවතින නිසා ඉදිරියේදී ඉදි කිරීම් කටයුතු නිම කිරීමට අපේක්ෂිත අධිකරණ නිවහන ව්‍යාපෘතියේ වැඩ අවසන් වන තෙක් තාවකාලිකව වසර 2ක් සඳහා මෙසේ තාවකාලිකව ලෝක වෙළඳ මධ්‍යස්ථානය වෙත යන බවයි එම මහතා පවසන්නේ.

ලබන වසරේ සිට රුපියල් මිලියන 400කට අධික වියදමක් දරමින් අධිකරණ අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට (WTC) ගෙන යාමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙන බව ‘The Sunday Times’ පසුගියදා වාර්තා කරනු ලැබුවා.

ඒ අනුව, WTC කුළුණේ වර්ග අඩි 35,071 ක භූමි ප්‍රමාණයක් ලබන වසරේ ජනවාරි 1 සිට 2022 දෙසැම්බර් 31 දක්වා අමාත්‍යාංශයට කුලියට දීමට නියමිතය. භාණ්ඩාගාරය විසින් දැනටමත් රුපියල් 233,086,544.00 සහ රුපියල් 174,075,701 ක් 2021 සහ 2020 වසර සඳහා කුලී වශයෙන් වෙන් කර ඇති බවයි ඔවුන් වාර්තා කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here