Home Hit මාසික කුලිය ලක්ෂ 170ක සබ්‍රිගේ බිල්ඩිමට කැබිනට් අනුමැතිය

මාසික කුලිය ලක්ෂ 170ක සබ්‍රිගේ බිල්ඩිමට කැබිනට් අනුමැතිය

2224

ලබන වසරේ සිට රුපියල් මිලියන 400කට අධික වියදමක් දරමින් අධිකරණ අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට (WTC) ගෙන යාමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙන බව ‘The Sunday Times’ වාර්තා කරනවා.

ඒ අනුව, WTC කුළුණේ වර්ග අඩි 35,071 ක භූමි ප්‍රමාණයක් ලබන වසරේ ජනවාරි 1 සිට 2022 දෙසැම්බර් 31 දක්වා අමාත්‍යාංශයට කුලියට දීමට නියමිතය. භාණ්ඩාගාරය විසින් දැනටමත් රුපියල් 233,086,544.00 සහ රුපියල් 174,075,701 ක් 2021 සහ 2020 වසර සඳහා කුලී වශයෙන් වෙන් කර ඇත.

මුදල් අමාත්‍යංශයේ කැබිනට් සංදේශයක සඳහන් වන්නේ ‘අධිකරණ මන්දිරය’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එසේ දැනටමත් කැබිනට් අනුමැතිය ලබා දී ඇති බවයි. ඒ අනුව, කැබිනට් සංදේශයේ දක්වා ඇති කරුණු මත පදනම්ව, ව්‍යාපෘතිය අවසන් වන තෙක් අන්තර්වාර විසඳුමක් ලෙස WTC හි එම ගොඩනැගිල්ලේ ඉඩකඩ ලබාගැනීම සම්බන්ධයෙන් තමාගේ කිසිඳු විරුද්ධත්වයක් නැතැයි මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here